මුලතිව් මාන්කුලම් කරිතුරෙයිපට්ටු වන විනාශයට ජනතාව යුක්තිය ඉල්ලයි

192

මුලතිව් මාන්කුලම් කරිතුරෙයිපට්ටු ප‍්‍රදේශයේ මේ දිනවල සිදුවන මහා වන විනාශය පිළිබඳව නිලධාරීන් නිහඬව සිටීමට එරෙහිව මුලතිව් මාන්කුලම මහා මාර්ගය පුරා 19 දා විරෝධතා වැකි ලියා ජනතාව තම විරෝධතාව ප‍්‍රකාශ කළහ.

 මාන්කුලම කරිතුරෙයිපට්ටු ප‍්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන රජයේ රක්ෂිත වනයේ අක්කර 200 ක් පමණ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන එළි කරන බවට පළාතේ ස්වෙච්ඡා සංවිධාන කීපයක්ම මුලතිව් බලධාරීන්ට දැනුම් දෙන ලද නමුත් මේ දක්වාම එම ක‍්‍රියාව නතර වී නොමැති බව පවසන ස්වෙච්ඡුා සංවිධාන නියෝජිතයෝ මේ වන විට එම අක්කර 200 ට අමතරව තවත් ප‍්‍රදේශයක් එළි කරමින් සිටින බවද පැවසූහ.

 මේ ක‍්‍රියාවට විරෝධය පළ කරමින් මහා මාර්ගයේ පුරා විරෝධතා වැකි ලියා ඇත්තේ මේ අතරවාරයේදීය.

 වසර 30 ක සිවිල් යුද කාලයකින් පසුව හා වසර  10 ක් පශ්චාත් යුද ජයග‍්‍රහණ කාල සීමාවකින් පසුව, එනම්, වසර 40 ක කාලයකට පසු මහා පරිමාණ පරිසර හා වන විනාශයකට එරෙහිව උතුරේ ජනතාව පුළුල් විරෝධතාවක් දැක්වූ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර, එහිදී ජනතාව හා ස්වෙච්ඡුා සංවිධාන නියෝජිතයෝ මෙම විනාශය පිළිබඳව නිහඬව සිටින බලධාරීන්ට හා විනාශය පිටුපස සිටින බලවේගවලට එරෙහිව තම බලවත් විරෝධතාව ප‍්‍රකාශ කළහ.

 *  දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment