ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිත ටීෂර්ටයක් හැඳ සිටි අයෙක් කෝවිලකදී අත්අඩංගුවට

193

කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිත ටී ෂර්ට් එකක් පැළඳ ජනතාව අතර සිටි පුද්ගලයකු යාපනයේදී අත් අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එම තැනැත්තාව කොඩිගාමම් පොලිසිය වෙත ඉකුත් 28 දා භාර දී තිබේ.

ඔහු යාපනයේ කොඩිගාමම් අයියනාර් කෝවිල අසල පැවති මහවිරු උළෙලකට සහභාගී වීම සඳහා එම ටීෂර්ට් එක ඇඳගෙන ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම ටීෂර්ටයේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයට යටින් කොටි සංවිධානයේ අදහස් පිළිබිඹු කෙරෙන වැකියක්ද ලියා තිබූ බව කොඩිගාමම් පොලිසිය ප්‍රකාශ කළේය. තහනම් සංවිධානයක නායකයාගේ ඡායාරූපය මහජනතාව ගැවසෙන ස්ථානයක ප්‍රදර්ශනය කරමින් කොටි සංවිධානයේ අදහස් ජනතාව අතරට රැගෙන යෑමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත. කොඩිගාමම් පොලිසිය ඔහුව චාවකච්චේරී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment