අවුකන පිළිමයට පෙරවූ සිවුර පොලිස් භාරයට

87

පබළු එබ්බවූ පාවහන් ජෝඩුවත් ඡායාරූප හතරකුත් පොලිසියට ගෙන යයි

අවුකන පිළිම වහන්සේට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව පෙරේදා (28දා) අවුකන පිළිම වහන්සේට පොරවන ලද එම සිවුර, පබළු ඔබ්බවන ලද පාවහන් ජෝඩුවක්, එම සිවුර පොරවන අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප හතරක් විමර්ශන සඳහා ගල්නෑව පොලිසිය භාරයට ගෙන තිබේ.

අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයට අයත් උපුල් වෙහෙර උප කාර්යාලයේ කලාප භාර නිලධාරියා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව ගල්නෑව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා නීති අංශය දැනුවත් කර ලැබුණු නීති උපදෙස් අනුව නීතිමය කටයුතු කරන ලෙසට දැන්වීමත් සමග මෙම පැමිණිල්ල සිදු කළ බව පුරාවිද්‍යා කලාප භාර නිලධාරියා සිදු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. ඒ අනුව අවුකන පිළිම වහන්සේට පොරවන ලද අඩි 45 ක් දිග, අඩි 24යි, අඟල් 10 ක් පළල තැඹිලි පාට සිවුර සහ අඩි 1යි, අඟල් 10ක දිග, පළල අඟල් 7ක් වන පබළු ඔබ්බවන ලද පාවහන් ජෝඩුවක්, සිවුර පොරවන අවස්ථාව දැක්වෙන ඡායාරූප හතරක් විමර්ශන සඳහා තම භාරයට ගත් බව පොලිසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීති අංශය සහ නීතිපතිවරයා දැනුවත් කර නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය සඳහන් කළේය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment