අඹේවෙල ඉන්ධන පිල්ලියක් – විගණනයෙන් හෙළිවෙයි

124

ගණන රු. එක්කෝටි හැත්තෑ දෙලක්‍ෂයක්:

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මිල්කෝ ආයතනයට අයත් අඹේවල කර්මාන්තශාලාව සඳහා ඉකුත් වසර අටේ දී (2015 වර්ෂයේ සිටි 2022 අගෝස්තු 31 දක්වා) නිකුත් කරනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ, නමදහස් හාරසිය හැටහතක් වටිනා (17,209,467) ඩීසල් ලීටර් 165,300ක් මිල්කෝ ආයතනයේ කර්මාන්තශාලාවේ තෙල් ටැංකිවලට ගොඩබෑමේ කටයුතු සිදුවී නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම ඉකුත් වසර හයේ දී (2017 වර්ෂයේ සිට 2022 අගෝස්තු 31 දක්වා) රුපියල් 9,364,835ක් වටිනා ඩීසල් ලීටර් 92400 රැගත් බවුසර් රථ 14ක් කර්මාන්තශාලාව වෙත පැමිණ නොතිබුණ ද එම ඉන්ධන සඳහා ගෙවීම් කර තිබුණි. ඇතැම් තොග සම්බන්ධයෙන් ඉන්වොයිස්වල දැක්වෙන අත්සන් ආරක්ෂණ අංශයේ නිලධාරින්ගේ අත්සන් හා නොසැසඳෙන බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ඉන්ධන තොග ලැබීමේ ආරක්ෂක අංශයේ ලේඛන පරීක්ෂාවේ දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරචිචි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment