රනිලුයි සජිතුයි කිසිදා එක් වෙන්නේ නෑ – සජිත් ප්‍රේමදාස

92

කප්පම් ගන්නා මාධ්‍ය මොනවා කිව්වත්

ඇතැම් මාධ්‍ය මොනවා කිව්වත් රනිල් – සජිත් එකතු වෙන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හෙතෙම එසේ පැවසුවේ අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවක් පිළිබඳව අදහස් දැක්වීමෙන් පසුවය. විපක්ෂ නායකවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

මාධ්‍ය කියන වචනය මම මෙතැනදී පාවිච්චි කරන්න යන්නේ නෑ. ජඩ, බොරු ප්‍රචාරක කටයුතු කරන ආයතන වගයක් එකතු වෙලා ආණ්ඩුවෙන්ද කොහෙන්ද කප්පම් අරගෙන, ඔවුන් කියාගෙන යනවා රනිල් – සජිත් එකතු වෙනවා කියලා. රනිලුයි – සජිතුයි කිසිම දවසක එකතු වෙන්නේ නෑ. ඒ ප්‍රකාශය මම පාර්ලිමේන්තුවේදී කරනවා. කප්පම් ගන්නා ජඩ මාධ්‍ය දැන්වත් මේ වගේ බොරු ප්‍රචාර කරන්න එපා කියලා මම ඉල්ලනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment