Luvnarich International සමාගමේ Dr. Miracle හා Frozen සන්නාම Grand Achievers සම්මාන දිනයි

30

Luvnarich International පෞද්ගලික සමාගමේ Dr. Miracle සහ Frozen සන්නාම Grand Achieversz Awards සම්මාන උළෙලේදී පිළිවෙළින් වඩාත් ප්‍රතිපලදායක මානව සුවතා සන්නාමය සහ තරුණ බව රැක දෙන විශිෂ්ටතම සන්නාමය ලෙස සම්මානයන්ට පාත්‍ර විය.

Lanka Achievers Foundation ආයතනය සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

මහාචාර්ය මදු ක්‍රිෂාන් එහි ප්‍රධාන ආරාධිතයා විය. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය බිනා ගාන්ධි ඩියෝරි, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් සහ 2023 මිස් අර්ත් ශ්‍රී ලංකා වියානා පීටර්ස්ද ඊට සහභාගී වූහ.

බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට උපකාර වන තේ, ඖෂධීය වටිනාකමින් යුතු ශාකසාර පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා තේ වර්ග ලෙස, කරල් ලෙස සකසා Dr. Miracle සන්නාමයෙන් වෙළෙඳපොළට නිකුත් කෙරේ. මොරවක වෙද ගෙදර අධීක්ෂණයෙන් නිපදවන එම සෑම නිෂ්පාදනයකටම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය තිබේ. ISO 9001 හා 22000, HACCP, GMP සහ Organic License වැනි දේශීය සහ විදේශීය තත්ත්ව සහතික රැසක්ද දිනා ගැනීමට Dr. Miracle සන්නාමයට හැකි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment