සිංගර් Just Like Mom cook-off චැලේන්ජ් ශූරයන්ට කිරුළු පළඳයි

161

සිංගර් Just Like Mom cook-off චැලේන්ජ් ශුරතාවය දිනාගත් සචිනි නුවරපක්ෂ මෙනවිය තම ත්‍යාගය ලබා ගැනීම.

සිංගර් විසින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් දියත් කරන ලද ‘Just Like Mom’ වැඩසටහනේ දෙවන අදියර වූ, cook-off චැලේන්ජ් අවසන් තරඟය පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී.

තරගාවලියට සහභාගී වූ තරගකරුවන් අතුරින් ලබුකොළ පිරවුම පිළියෙළ කල සචිනි නුවරපක්ෂ සමස්ත තරගාවලියේ ජයග‍්‍රාහිකාව ලෙස වටිනා රන් කාසියක් හිමිකර ගැනීමට සමත්විය.

‘Just Like Mom’ වැඩසටහන රට පුරා සිටින තරුණ තරුණියන්ට, මව්වරුන් විසින් පිළියෙළ කරන ලද තම ප‍්‍රියතම ආහාර වර්ග තමාට ආවේණික අයුරින් පිළියෙළ කිරීමටත් ඒවා තම ආදරණීය මෑණිවරුන්ට පිළිගැන්වීමටත් අවස්ථාව උදාකරදෙන ලදී.

මේ පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ‍්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙලෙස පැවසීය.

”ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ සැපයීමේ ප‍්‍රමුඛයා වශයෙන් නිෂ්පාදන අලෙවි කිරීම සහ විකිණීමෙන් ඔබ්බට ගොස් අපගේ

පාරිභෝගිකයන් සමඟ සමීප සබඳතාවයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව අපට දැනුණා. එමනිසා මේ වසරේ පැවැත්වූ මව්වරුන්ගේ දිනය නිමිත්තෙන්, තරුණ තරුණියන්ට ඔවුන්ට ආවේණික ඉවුම් පිහුම් අත්දැකීමක් නිර්මාණය කිරීමටත් තම මව්වරුන්ට තමා විසින්ම පිළියෙළ කරන ලද ආහාර පිළිගැන්වීමටත් අපි අවස්ථාව හිමිකරදුන්නා. අපගේ අරමුණ වූයේ ආහාර පිසීමේදී පවුලේ සාමාජිකයන් අතර සමඟිය සහ සහයෝගය නංවාලීමයි.”

advertistmentadvertistment
advertistmentadvertistment