වැලිගම හෝටලයේ ෆේස්බුක් සාදයේ 12දෙනා සහ නයි බණ්ඩා රිමාන්ඞ්

727

වැලිගම ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායන නීති කඩකරමින් ඉකුත් 21 දින පවත්වන ලද බව කියන ෆේස්බුක් සාදයක් වටලා විවිධ මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව කියන දොළොස්දෙනකු සහ මෙම සාදය පැවැත්වීමට අනුබල දීම සහ නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් නයිබංඩා යන අන්වර්ථ නමකින් හඳුන්වන පුද්ගලයාද මාතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.

ගංජා කොකේන්, අයිස්, හෑෂ්, පුස්, මත්ද්‍රව්‍ය ද මෙහි තිබුණු බව පොලිසිය පවසයි.

සැකකරුවෝ අම්පාර, කොළඹ, මැදිගම, හබරාදුව, මිදිගම, තිස්සමහාරාම, රස්සන්දෙනිය පදියතලාව වැනි ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාතර, කොටවිල, දිල්වැල්ල, ගන්දර යන පොලිස් ස්ථානවල රැු`දවුම් නියෝග මත ර`දවා ප‍්‍රශ්නකර ඇත.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කි‍්‍රෂාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත උ.පො.ප. පි‍්‍රයංකර, පො.සැ.(37066) පතිරණ (56615) සුනිල් (55836) කි‍්‍රෂාන්ත (6403), වීරසිංහ, (55868) තුෂාර, (52590) සමන්ත, පො.කො.(68160) වසන්ත, (66366), ශ‍්‍රීනාත් (8610) නිලංග, (91712), ස`දරුවන්, (82434) ධනුෂ්ක (8675) සොයිසා යන නිලධාරීහු වැටලීම සිදුකළහ.

මාතර චන්ද්‍රදාස කොඩිතුවක්කු
 

advertistmentadvertistment
advertistmentadvertistment