ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 11ක් කටුනායකට එති

63

පලස්තීනයේ ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු ඊයේ (05 දා) උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරී පැවසීය.

ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුවට පැමිණ කයිරෝ ගුවන්තොටුපළේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබේ. ඉන්පසුව කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. – 662 දරන ගුවන් යානයෙන් ඊයේ අලුයම 02.30 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම 11 දෙනා අතර කාන්තාවන් දෙදෙනකු සහ දරුවන් 09 දෙනකු සිටින බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment