නිදිකුම්බා නායකයකුට ශ්‍රීලනිපය දී රනිල්ගේ ඔඩොක්කුවේ තියන්න හදනවා – දයාසිරි

142

ශ්‍රීලනිප නායකයා හොඳ නෑ කියලා කොහෙවත් ඉන්න නිදිකුම්බා නායකයෙක් පක්‍ෂයේ නායකයා කරලා එයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට පිරිසක් උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (18දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

යම් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලා ගැනීම ආණ්ඩුවේ ක්‍රියාවලියකට සම්බන්ධවෙලා තියෙනවා. චන්‍ද්‍රිකා කුමාරතුංග මැතිනිය වගේ පක්‍ෂයට නායකත්වය දුන් නායිකාවක් මෙවැනි කුමන්ත්‍රණයකට සහාය දීමට ඉදිරිපත් වීම ගැන කනගාටු වෙනවා. ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය බලගතු පක්‍ෂයක් ලෙස ඉදිරියට ඒම වැළැක්වීමටයි මේ කුමන්ත්‍රණය දියත් වී තියෙන්නේ. අලුතෙන් පිහිටුවපු දේශපාලන මණ්ඩලය සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. පක්‍ෂයේ නිත්‍ය දේශපාලන මණ්ඩලය මැතිවරණ කොමිසමට පෙන්වා දුන්නා මැතිවරණ කොමිසම නීත්‍යනුකූලව ක්‍රියා කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපේ පක්‍ෂයේ සභාපතිතුමත් එක්ක වැඩ කරන්න ඕනම වෙලාවක සූදානම්.

advertistmentadvertistment
advertistmentadvertistment