ශ්‍රිලනිපය ඕන ඕන එක්කෙනාට හේත්තු කරන්න ඉඩ දෙන්නේ නෑ – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

93

පක්ෂය නිසාම වලව් හදාගත් මිනිස්සු ඇත්ත පාක්ෂිකයන් පාවා දුන්නා
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ

“ලොකු නෝන කෙනෙක් කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාට හරි හේත්තු කරන්න ඕනේ කියලා අප මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම ඕන ඕන එක්කෙනාට හේත්තු කරන්න ඉඩ දෙන්නේ නෑ. අලුත් මුහුණුවරක්, වැඩපිළිවෙලක් එක්ක අප ඉදිරියට යනවා” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ “රට රකින ජන පවුර” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ගම්පහ නගර සභා පිටියේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වෘත්තීය සමිති නායකයින් පෙරටු කරගත් දිවයින පුරා විසිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ පෙළපාලිවලින් නගර සභා පිටියට පැමිණ මැයි දින රැලියට එක් වූහ.

ශ්‍රිලනිපය ඕන ඕන එක්කෙනාට හේත්තු කරන්න ඉඩ දෙන්නේ නෑ - හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස්වරු 3.45ට පමණ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමග ප්‍රධාන වේදිකාවට පැමිණ මෙවර මැයි දින රැලියට සහභාගීම විශේෂත්වයකි.

ගම්පහ ආසන සංවිධායක ලක්ෂිතා ගුණතිලක මහත්මිය පිළිගැනීමේ කතාව කළාය.

මෙත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

“කම්කරු දිනය ලෝකයේම ජනතාවගේ සටන් කරන දිනයයි. නමුත් මැයි දිනය දේශපාලනඥයන්ගේ දිනය නොවේ. වැඩ කරන ජනතාවගේ දවසයි. ඇවිත් ඉන්නේ පක්ෂය වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් ජීවිතය පුද කරන්න කැමති පිරිසක්. පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගියාම වැරැදියි, විජේදාස රාජපක්ෂ අපි ගත්ත එක හරිද අහනවා. එතුමා ආවේ ඇමැතිකම් බල්ලට දාලයි. ජනතාව ඉන්නේ අපි එක්කයි.

ශ්‍රිලනිපය ඕන ඕන එක්කෙනාට හේත්තු කරන්න ඉඩ දෙන්නේ නෑ - හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

අපි අලුත් වැඩපිළිවෙළක් එක්ක යන්න ඕන. ඒකට අපි අද මුල්ගල තිබ්බා. ඕන කෙනෙක් ඕන කෙනෙකුට හේත්තු වෙන්න පුළුවන්. ඒ වුණාට පක්ෂය එක එක් කෙනාට ඕන විදියට හේත්තු කරන්න දෙන්න බැහැ. අලුත් මුහුණ වරක් වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යනවා. ගෙවල්වලත් ආයතනවලත් රටෙත් අර්බුදයක් තියෙනවා. ඒක නැති කරන්න හොරු නැති ආණ්ඩුවක් හදන්න ඕනෑ.

අද පක්ෂය භාර දිය යුත්තේ කාටද ඉවත දැමිය යුත්තේ කවුද කියා ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. දූගී භාවය තුරන් කරන වැඩපිළිවෙල අපි හදලා ඉවරයි. ඉදිරි මැතිවරණය දිනන්න පුළුල් ශක්තිමත් වැඩපිළිවෙලක් හදනවා. ජනතාවගේ අමාරුකම් අත්දැකීමෙන් දන්නවා.

සුඛිත මුදිත රටක් හදන්න ජනතාව ඉන්නේ පක්ෂය එක්කයි කියන එක අද මෙි රැළියෙන් පෙන්නුම් කරනවා.

ඔබගේ දර්ශනය කුමක්ද කියලා සමහර පක්ෂවලින් අපි ප්‍රශ්න කරනවා. වාද භේද අමතක කර දූෂණ නැති කරලා හොඳ රටක් හදමු.

අධිකරණ ඇමති විජේදාස මහතා අදහස් දක්වමින් මෙසේ සදහන් කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මා කෙරෙහි තැබූ විශ්වාසයට කෘතවේදිත්වය පුද කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදත් අභියෝගවලට ලක්වුණා. නායකයෝ පක්ෂය වෙනුවෙන් ජීවිත පූජා කළා. සමහරු අහනවා මම කොහේද හිටියේ කියලා.

අපි දේශපාලනයට ආවේ බණ්ඩාරනායක ජීවිත පූජාවෙන් පසු බලයට ආ ලෝකයේ පළමු අගමැතිනිය එක්කයි. පක්ෂය නිසාම උඩට ගිය මිනිස්සු වලව් හදාගත් මිනිස්සු ඇත්ත පාක්ෂිකයන් පාවා දුන්නා. ිවිවිධ බලවේග සමග එක්වුණත් හැමදාම බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුගමනය කළා.

2014 දී මහාමේරුවක් වගේ තිබුණු බලය කුඩු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කළේ දින හතළිස් පහකදීයි. එහෙම කරලා ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දුන්නා.

පක්ෂය හදන්න අවුරුදු දෙකක් පහක් යනවා කියලා සමහර ආච්චිලා සීයලා කියනවා.

මම පදවි තානාන්තර ඉල්ලලා දනින් වැටෙන්නේ නැහැ. යටගහන්න නඩු නැහැ. හය වතාවක් මැති ඇමැති පදවි මම ප්‍රතික්ෂේප කළා.

ජනපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. ඒ අයට තියෙන සුදුසුකම් කියන්න. අභියෝග කරනවා.

රටට අවැසි ප්‍රජාතන්ත්‍රවාදී පනත් ගේනවා. වරෙක ආණ්ඩුව විටෙක විපක්ෂය තවත් විටෙක තව අය විරුද්ධ වුණා. එහෙම වුවත් මා ගෙනා පනත් 42 ම සම්මත කරගත්තා.

අපි සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න ඔබ සූදානම්ද. ජීවිත පූජාවෙන් වැඩ කරන අය අද මේ වේදිකාවේ ඉන්නවා. අද මැයි දිනය රටේ දේශපාලන අනාගතය වෙනස් කරන දිනයක් ලෙස ආරම්භ කර අපි එක්වී සපථ කරමු.
වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment