ශ්‍රී ලංකාවේ ආර්ථීකය ප්‍රකෘතිමත් කිරීමට ඉන්දියාවේ පූර්ණ සහාය

146

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දීය රජයේ සහ තමන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට එරට මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කරයි. පසුගිය සඳුදා 20දා පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් මොරගොඩ මහතා, නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශ කාර්යාලයේ දී එතුමිය හමුවූ අතර ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථීක අර්බුදකාරී වාතාවරණය මැද මුදල් අමාත්‍යවරිය මුණගැසී ද්විපාර්ශ්වික සහයෝගීතාවය ගැන සාකච්ඡා කර ඇත.

ඉකුත් මැයි 27 වැනිදා මුණ ගැසුණු අවස්ථාවේ දී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය සහ යල කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය කරන යූරියා මෙටි්‍රක් ටොන් 65,000ක් කඩිනමින් ආනයනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන ලද අතර එම ඉල්ලීම පිළිගෙන පොහොර ආනයනය සඳහා පමණක් වෙනම ඩොලර් මිලියන 55ක ඉන්දීය ණය මාර්ගයක් කඩිනමින් සකස්කිරීම පිළිබඳවත් මහ කොමසාරිස් මොරගොඩ මහතා අමාත්‍ය සීතාරාමන් මහත්මිය වෙත මෙහි දී නැවත වරක් සිය කෘතඥතාව පළ කළේය. මෙම පොහොර තොගය ලබන ජූලි 01 වැනිදා වනවිට ඕමානයේ සිට කොළඹට ළඟාවනු ඇතැයි සැලකේ.

ශ්‍රී ලංකාවේ ආර්ථීකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සිය අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගීතාව පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මහතා වෙත කරුණු දක්වන ලද මුදල් අමාත්‍යවරිය දුෂ්කර කාල පරිච්ඡේදය පසුකර සිය ජනතාවගේ ද සහාය මත ඉතා ඉක්මනින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාසය පළ කළාය. ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩ පිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් සහ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අතර සාකච්ඡාවක් ද මෙදිනම පෙරවරුවේ පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment