ජේඑන් -1 කොවිඩ් අවදානම ඉතා අඩුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

81

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ වසංගතයක් ලෙස පැතිරයෑමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම උප ප්‍රභේදය පැතිරයෑම සම්බන්ධව වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කොවිඩ් 19 රෝගයට අදාළව සිදුකරනු ලබන සාම්පල පරීක්‍ෂාවේදී කිසිදු සාම්පලයක කොවිඩ් 19 ලෙස හඳුනාගෙන නැතැයි ද සඳහන් කරයි.

කෙසේ වෙතත් JN-1 උප ප්‍රභේදය පැතිරයෑමේ අවදානම තක්සේරු කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ජානමය පරීක්‍ෂණ සිදු කිරීමට උපදෙස් ලබාදී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම උප ප්‍රභේදය පැතිරීම, ජනාකීර්ණ ස්ථානවල මුවආවරණ පැළඳීම, නිතර අත් සේදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම, කැස්ස සහ කිවිසුම් යනවිට නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින් පාලනය කළ හැකි බව ද පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment