ගෝල්ෆේස් ප්‍රහාරය ගැන විමර්ශන කරන නිලධාරීන්ට පොලිස් ලොක්කෙකුගෙන් බලපෑම්

525

ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු විවිධ බලපෑම් එල්ල කරන බව පොලිස් ආරංචිමාර්ග පවසයි.මෙම උසස් නිලධාරියාගේ බලපෑම් එල්ලවීම නිසා ඇතැම් විමර්ශන නිලධාරීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ද වාර්තා වෙයි. ළඟදී පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින මෙම උසස් පොලිස් නිලධාරියා ගාලුමුවදොර ප්‍රහාරයේදී තමන්ට එල්ල වී තිබෙන චෝදනාවලින් බේරීමට මේ ආකාරයට විමර්ශන නිලධාරීන්ට බලපෑම් එල්ල කරමින් සිටින බව ද වාර්තා වෙයි. තමන්ගේ නිවැරදිභාවය පෙන්වීමට අවශ්‍ය ආකාරයට විමර්ශනය පවත්වාගෙන යෑමට විමර්ශන නිලධාරීන්ට විවිධ අයුරින් බලපෑම් කිරීම නිසා ඉදිරි කටයුතු කරගෙන යෑමට එම නිලධාරීන්ට අසීරු තත්ත්වයක් මතු වී ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment