යුක්රේන රසායනාගාරවල ඇති වෛරස්/බැක්ටීරියා විනාශ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

474

රුසියානු හමුදා සමග යුද්ධයට මැදි වී තිබෙන ප‍්‍රදේශවල පිහිටා ඇති පර්යේෂණ රසායනාගාරවල තැන්පත් කර තිබෙන කොරෝනා වෛරසය ඇතුළු මිනිසාට හා සත්ත්වයන්ට හානිකර වන භයානක රෝගකාරක වෛරස් හා බැක්ටීරියාවන් පිටතට කාන්දු වීම වැළැක්වීම සඳහා ඒවා විනාශ කර දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුක්රේනයට උපදෙස් දී තිබේ.

 යුක්රේනයේ යුද ගැටුම්වලට මැදි වී තිබෙන ප‍්‍රදේශවල මිනිසාට හා සත්ත්වයන්ට හානිකර රෝග කාරකයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහජන සෞඛ්‍ය රසායනාගාර රැුසක් පිහිටා තිබීම හේතුවෙන් කුමන මොහොතක හෝ මෙම රසායනාගාරවලට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඒවායේ තැන්පත් කර තිබෙන භයානක රෝගකාරකයන් අවට පරිසරයට කාන්දු වී මහජනතාවට හානි සිදු විය හැකි නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම උපදෙස් නිකුත් කර තිබෙන බව යුක්රේන බලධාරීහු පවසති. යුක්රේනයේද ලොව සෙසු රටවල මෙන්ම මිනිසාට හා සත්ත්වයන්ට හානිකර වන රෝගකාරක බැක්ටීරියාවන් හා වෛරස් ඇතුළු රෝගකාරකයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රසායනාගාර පිහිටුවා තිබෙන අතර ඒවායෙන් ඇතැමෙකට අතීතයේ ඇමරිකාව, යුරෝපා සංගමය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලැබී තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුක්රේනයේ පිහිටි මහජන සෞඛ්‍ය පර්යේෂණ රසායනාගාරවල පවතින භයානක රෝගකාරකයන් විනාශ කරන ලෙස උපදෙස් දුන් බවට යුක්රේන බලධාරීන් විසින් පිළිගෙන ඇතත් එම උපදෙස් නිකුත් කරන ලද දිනවකවානු ඒවා දැනට පිළිපදිනවාද යන්න පිළිබඳව හා යුක්රේන රසායනාගාරවල තැන්පත් කර තිබෙන භයානක රෝගකාරකයන් හා විෂ ද්‍රව්‍යයන් මොනවාද? යන්න පිළිබඳව ඔවුන් විසින් කිසිවක් අනාවරණය කර නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment