හේන් කරන මුවාවෙන් ගංජා හේන් වැවූ අඹ යාලුවෝ අත්අඩංගුවට

155

හේන් කරන මුවාවෙන් මීගහජදුර කපුකිනිස්සයාය ප්‍රදේශයේ ගංජා හේනක් පවත්වාගෙන යන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මීගහජදුර කපුකිනිස්සයාය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එහි ස්ථාන තුනක වෙන වෙනම පවත්වාගෙන ගිය ගංජා හේන් තුනක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට 08 දින සවස මත්තල පොලිසිය සමත් වී තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31 හා 42 වයස්වල පසුවන මහගල්වැව හා කුමාරගම පදිංචි සැකකරුවන් දෙදෙනෙකි. හේන් කරන මුවාවෙන් මීගහජදුර කපුකිනිස්සයාය ප්‍රදේශයේ ගංජා හේනක් පවත්වාගෙන යන පුද්ගලයෙකු සම්බන්ධයෙන් මත්තල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී අක්කර එක හමාරක ගංජා හේනක් සමග 31 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව අත්අඩංගුවට පත් ගංජා හේන ආසන්නයේ තිබී තවත් අක්කර එකක හා අක්කර භාගයක ගංජා හේන් දෙකක් සමග සැකකරුගේ 42 හැවිරිදි මිතුරෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා එක්ව කලක් තිස්සේ මෙලෙස විවිධ ප්‍රදේශවලට ගොස් හේන් කරන මුවාවෙන් ගංජා හේන් පවත්වාගෙන ගොස් ඇති බවද මූලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත් ගංජා අධිකරණයට ඉදිරිපත් කිරීමට සාම්පල ලබා ගැනීමෙන් පසු ගිනි තබා විනාශ කර තිබේ. සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment