සුඛෝපභෝගී මෝටර් රථය ප්‍රපාතයකට වැටී අයෙක් රෝහලේ

120

ගම්පොළ දොළුව හරහා ගලහා මාර්ගයේ නිල්ලඹ විදුලි බලාගාරය අසලින් නවීන පන්නයේ මෝටර් රථයක් අඩි හත්සියයකට අධික ප්‍රපාතයක පිහිටි නිල්ලඹ ජලාශ ඇළ මාර්ගයට පෙරළී තිබේ.

එම අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි. මොහු ගලහා නගරයේ හාඩ්වෙයාර් වෙළඳසැලක හිමිකරුවකු වේ. නිල්ලඹ විදුලි බලාගාරය පිහිටි රක්ෂිත භූමිය තුළින් මෙම මෝටර් රථය ගමන් කිරීමේදී ප්‍රපාතයට පෙරළී ගියේ කුමන හේතුවක් නිසාද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි. පාලු ප්‍රදේශයක කැලෑ භූමියක පිහිටි මෙම නිල්ලඹ ඇළ මාර්ගය දෙසට මෝටර් රථය පෙරළී ඇතත් එය කිසිවකුට නොපෙනෙන අතර එයට ළඟා වීමද ඉතා දුෂ්කර වී තිබේ. නිල්ලඹ ජලාශයෙන් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජලය හා ජල පවිත්‍රාගාරයට මෙම ඇළ මාර්ග හරහා ජලය නිකුත් කිරීම සිදුවූවත් මෝටර් රථය ඇළ මාර්ගයේ තිබීම නිසා එහි පාලනාධිකාරිය විසින් ජලය මුදාහැරීම නැවතීමට කටයුතු යොදා තිබුණි. ගම්පොල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරුන් වන (38885) කුලරත්න, (27954) උපතිස්ස යන නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment