රෑ 10ය වෙනස් වෙයි

896

සංගීත සංදර්ශන අවසන් කිරීම සඳහා පනවා තිබූ රාත්‍රි 10.00 කාලසීමාව සංශෝධනය කිරීමට සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනයේ මධ්‍යම රාත්‍රි 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකි බව විෂය භාර ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (22 දා) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

සංගීත සංදර්ශන පැවැත්වීමේදී ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවලට බාධා ඇති නොවන අයුරින් දුරක් තබා ගනිමින් කටයුතු කළ යුතු බවද ඇමැතිවරයා සිය ට්විටර් පණිවිඩය මගින් වැඩිදුරටත් දන්වා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment