නව අගමැති හා කැබිනට් මණ්ඩලය  පත් කළ විගස ජනපති අස්විය යුතුයි – සුමන්තිරන් කියයි

325

ජනාධිපතිවරයා වහාම අගමැතිවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බවත් නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත් කළ විගස ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (11 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ සුමන්තිරන් මහතා මෙසේ ද කියා සිටියේය.

පාර්ලිමේන්තුව කැඳවන්න කියා කථානායකවරයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තියෙනවා. ජනාධිපතිතුමාට දැන් පුළුවන් මේ වාතාවරණය යටතේ අගමැති නැති වුණත් පාර්ලිමේන්තුව කැඳවන්න. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය වහාම පත් කරන්න ඕනෑ. දැන් මුළු බලයම ජනාධිපති භාරයේ තියෙන්නේ. ජනාධිපතිවරයා කෙරෙහි කාටවත් විශ්වාසයක් නැහැ. එතුමා ඉල්ලා අස්වෙන්න ඕනෑ කියලා මේ වෙලාවේ හඬක් නැගෙනවා. මේ වෙලාවේදී එතුමා භාරයේ සියලු බලය තියෙන්න බැහැ.

ජනාධිපතිවරයා වහාම අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කරන්න ඕනෑ. අගමැතිවරයකු පත් කළ හැටියේම ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්න ඕනෑ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment