මහ බැංකු වැටුප් ගැන කොන්ද පණ ඇති තීරණයක් ගන්න – විපක්ෂ නායක

53

මහ බැංකුව විසින් කරගත් ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම වහාම අත්හිටුවීමට ආණ්ඩුව කොන්ද පණ ඇතිව තීරණයක් ගන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) විශේෂ ඉල්ලීමක් කළේය.

එම ආයතනය ස්වාධීන කළේ සියයට 70කින් පඩි වැඩිකර ගැනීමට නොවන බවත් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව රටේ මූල්‍ය පාලනය ගෙනයෑමට පමණක් බවත් හෙතෙම කීය.

එබැවින් වෙනත් අය වෙත බෝලය පාස් නොකර මෙම වැටුප් වැඩි කිරීමට වහාම තිරණයක් ගත යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment