ජෝර්දාන ඇඟලුම් කම්හලක ශ්‍රී ලාංකිකයන් 100ක් පිරිස හිර කරගෙන බලෙන් වැඩ අරන්

350

ගෙන්වා ගන්න පියවර ගන්නවා – කාර්යාංශය කියයි

වීසා කාලය අවසන් වූ පසුව ජෝර්දානයේ ඇඟලුම් කම්හලක බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් සියයක පමණ පිරිස මෙරටට ආපසු ගෙන ඒමට තානාපති කාර්යාලය හරහා අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය කියයි.

ශ්‍රී ලංකාවේ පිරිසක් පමණක් නොව බංගලිදේශයේ පිරිසක් ද මෙකී ඇඟලුම් කම්හල තුළ බලෙන් රඳවාගෙන වැඩ ගන්නා බව ද කාර්යාංශය කියා සිටී.

මෙම ඇඟලුම් කම්හලේ සේවය කර වීසා කාලය අවසන් වූ අය වරින් වර මෙරටට ගෙන්වා ගත් බව ද කාර්යාංශය කියා සිටී. කෙසේ වෙතත් දැනට වීසා කාලය අවසන් වූ සියලුම දෙනා ඉක්මනින් ම ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසට ඉල්ලීම් ලැබී ඇති නිසා තානාපති කාර්යාලය හරහා අදාළ කටයුතු සූදානම් කරන බව ද එහි ප්‍රකාශකයෙක් කියා සිටියේය.

වීසා කාලය අවසන්ව සිටින තමුන්ව වැටුප් පවා නොගෙවා බලහත්කාරයෙන් වැඩ ගන්නා බව ද ජෝර්දානයේ ඇඟලුම් කම්හලේ සේවයට ගිය ශ්‍රී ලාංකික පිරිස පැමිණිලි කර තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment