භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නව සභාපති වැඩ භාරගනී

138

භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ 16 වන සභාපතිවරයා ලෙස ආචාර්ය සන්ජේ පෙරේරා මහතා ඉකුත් 21 වැනි අඟහරුවාදා රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. මෙතුමා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා ලෙස පත්වීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ පිළිබඳ උපදේශකවරයෙකු වේ.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායකයෙක් සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ව්‍යාපෘති විමර්ශකයෙක් වන ආචාර්ය සන්ජේ පෙරේරා මහතා මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ කමිටු සාමාජිකයකුද වේ. ආචාර්ය සන්ජේ පෙරේරා ව්‍යාපෘති විමර්ශකයකවූ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් JOHN HOPKINS විශ්වවිද්‍යාලයේ සහ GATES VENTURES යටතේ කරවනු ලැබූ COVID ආදර්ශ සහිත නවතම ප්‍රකාශයේත් තවත් ප්‍රකාශන ගණනාවකම සම කර්තෘවේ. ආචාර්ය සන්ජේ පෙරේරා මහතා රාජකාරි ආරම්භ කරන අවස්ථාව සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් (වැ.බ.) ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා ඇතුළු කාර්යාංශයේ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ.

මනෝජ් ගනේපල්ල

advertistmentadvertistment
advertistmentadvertistment