රුපියල පිරිහෙයි

2308

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (14දා) දිනයේ සැලකිය යුතු ලෙස පිරිහෙමින් ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 324.67 දක්වා ඉහළ ගියේය.

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (13 දා) දිනයේ රු. 321.87 ක් විය.

මේ අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රු. 2.30 කින් ඉහළ ගොස් තිබේ.

එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ද පෙරේදා (13 දා) වාර්තා වූ රු. 308.16 සිට ඊයේ (14 දා) දිනයේදී රු. 310.49 දක්වා රු. 2.33 කින් ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment