ඡන්දය කල් දැමීමට එරෙහි හරිනිගේ පෙත්සම යළි කැඳවීම 24 දා

84

පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල්දැමීම අභියෝගයට ලක්කරමින් ජාතික ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 දා) නියෝග කළේය.

නඩුවට අදාළ තාක්‍ෂණික ගැටලු සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී එම පෙත්සම කැඳවිණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා සමඟ ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා පෙනී සිටියේය.

පෙර නඩු දිනයේදී අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව මැතිවරණ කොමිෂන් සභාවට මෑතකදී පත් වූ සාමාජිකයෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment