කුළියට දුන් ලොරිය වසර දාහතකට පසු කිව්ආර් කෝඩ් එකෙන් සොයා ගැනේ

2176

ලොරියේ පාටත් වෙනස් කරලා

2005 වසරේ කුළී පදනමට ලබා දුන් එන්සීජීඑන් 1846 ලොරි රථය අතුරුදහන් වී වසර 17කට පසු පානදුර, වලාන දූෂණ මර්දන ඒකකය මගින් සොයාගත් බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය.

පසුගියදා ඉංගිරිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ලොරිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම ලොරිය මීට පෙර 2005 වර්ෂයේ වැලිකන්ද ප්‍රදේශයේ සරත් ඕපාත මහතාගේ නමින් ලියාපදිංචි කළ ලොරියක් බව රථවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පරීක්ෂාවේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් ලොරිය සිංගල්වීල් ඩුවෙල් කැබ් (ආසන 5 රෝද 6 – සුදු පාට) ලොරියක් වන අතර එම අංකයෙන් 2005 වර්ෂයේ ලියාපදිංචි කර තිබුණේ ඩබල් වීල් නිල්පාට තට්ටු ලොරියක් ලෙසයි.

කුළියට දුන් ලොරිය වසර දාහතකට පසු කිව්ආර් කෝඩ් එකෙන් සොයා ගැනේ

සැකකරුගෙන් කළ විමසීමේ දී ඔවුන් තිදෙනකුගෙන් වාහනය මිලට ගත්බව පැවසූ අතර කෑගල්ල ප්‍රදේශයේ දී හමු වූ පුද්ගලයාගෙන් විමසීමේදී ‘මා ළඟ ලොරියක් තිබුනේ නෑ. දැක්කෙත් නෑ. දන්නෙත් නෑ… යැයි කියනවා.

මෙම ලොරිය වෙනත් ප්‍රදේශයකින් පැහැර ගත් ලොරියක් ද කොටස් එකලස් කළ ලොරියක්ද කියා පරීක්ෂා කරන අතර 2005 වර්ෂයේ අතුරුදහන් වූ ලොරියේ අංකය නිසා වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී. මේ වන විට එහි මුල් අයිතිකරු වූ වැලිකන්දේ සරත් ඕපාත මහතා ඉන්ධන කෝඨාවක් ලබා ගැනීමට යෑමේදී එම අංකයට තෙල් ගසන බවට අපට දැන්වූවා. එහි මුල් අයිතිකරු 2005 සිට ඔහුගේ ලොරිය සොයමින් සිට තිබේ. අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර, ස්ථානාධිපති ප්‍ර. පො. ප. ඉන්දික වීරසිංහ, ප්‍ර. පො. මහේන්ද්‍ර පෙරේරා, පො.සැ. (428) ජයලාල්, පො.කො. (91287) සංජීව, (9409) ශ්‍රියන්ත, (100678) දේශප්‍රිය, (104693) රියදුරු, (80502) තිසර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
මීටියාගොඩ – එල්. පී. ඩී. බන්දුරත්න

advertistmentadvertistment
advertistmentadvertistment