හත්හැවිරිදි දැරිය අපයෝජනය කළ ත්‍රිරෝද රියැදුරා අත්අඩංගුවට

577

හත්හැවිරිදි පාසල් දැරියකට ලිංගික අපයෝජන කළ බව කියන ත්‍රී රෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බැව් පොද්දල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථ රියැදුරු 40 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු මෙම දැරිය හා තවත් පාසල් දරුවන් කිහිප දෙනෙකු ත්‍රී රෝද රථයෙන් පාසලකට රැගෙන යන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ අතරතුරේ දී ත්‍රී රෝද රථ රියැදුරු විසින් මෙකී දැරිය ලිංගිකව අපයෝජනයකට ලක්කොට ඇති බැව් පොලිසිය පවසයි. දැරියගේ මව විසින් මේ පිළිබඳ පොලිසියට පැමිණිලිකොට තිබුණි. ත්‍රී රෝද රථ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු (31 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පොද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment