දුම්රිය රියැදුරන් 150ක් හිඟයි

62

ඊයේ ගමන් වාර 7ක් කොටඋඩ

මේ වනවිට දුම්රිය රියැදුරන් 150 කගේ පුරප්පාඩු පවතින බවත්, මේ තත්ත්වය තුළ ඊයේ (31දා) සවස දුම්රිය ගමන් වාර 7ක් අවලංගු කළ බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ ට ඊයේ (31දා) පැවසීය.

එම අවලංගු කළ දුම්රියන් අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් දෙකක් ද, ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රියන් 4ක් ද, පුත්තලම මාර්ගයේ එක් දුම්රියක් ද අවලංගු කිරීමට සිදුවූ බව හෙතෙම කීය.

පසුගිය කාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ වූ රියැදුරන් විශාල පිරිසක් විශ්‍රාම යෑම මෙයට වඩාත්ම බලපා ඇතැයි ද ඒ මහතා කීය.

නියමිත පරිදි දුම්රිය රියැදුරන් 400 දෙනකු පමණ සේවයේ නියුතුව සිටි වුවත් මේ වනවිට මුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ම සේවයට සිටින්නේ රියැදුරන් 250 දෙනකු පමණක් බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment