ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැමිණෙයි

334

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවතට විසිවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම 05.05 ට දිවයිනට පැමිණියේය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා පැමිණි අතර කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් ඔවුන්ට පිටව යාම සඳහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර්රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත. මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි

advertistmentadvertistment
advertistmentadvertistment