ලොව ධනවත්ම හිඟන්නා භාරත් ජේන් -වත්කම් ඉන්දීය රු. කෝටි 7 1/2ක්

262

භාරත් ජේන් යනු ලොව ධනවත්ම හිඟන්නා වෙයි. ඉන්දීය රුපියල් කෝටි හතාමාරක වත්කම් හිමි මොහු අද වුවත් මුම්බායි නුවර සිඟමන් යදින අයුරු දැකගත හැකිය.

මොහු සිඟමනේ යෙදීමෙන් ලබන මාසික ආදායම ඉන්දීය රුපියල් 60000 -75000 අතර වෙයි.

භරත් දෙදරු පියෙකි.

ඔහුට ඉන්දීය රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති මහල් නිවසක් ද කඩ කිහිපයක් ද තිබේ. මේවායින් මාසික කුලිය ලබා ගනී.

මොහු ධනවත්ම හිඟන්නා බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත විසිනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment