කැලණි ගඟට වැටුණු කුමාරි දොඹකරයක ආධාරයෙන් ගොඩගනී

452

නවගමුව මාපිටිගම පාළම කෙලවර ඇති පඩිපෙලින් කැලණි ගඟට දිය නෑවීම සඳහා බැස්සවීමට උත්සාහ කිරීමේදී අලියෙකු එයින් පහලට ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.

මේ අනතුරට මුහුණ දුන්නේ ”‍ කුමාරි”‍ නමින් හඳුන්වන වයස අවුරුදු 50ක් පමණ වන අලියෙකි.

මෙම අලියා උඩමාපිටිගම ප්‍රදේශයේ වත්තක සිට නෑවීම සඳහා කැලණි ගඟට බැස්සවීමේදී පඩිපෙලේ ලිස්සා යෑමෙන් බිම ඇද වැටී ඇත.

පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් ද පැමිණ ප්‍රථමාධාර ද ලබාදී ඇති අතර අලියාගේ වයස් ගත තත්වය මත දොඹකරයක් ආධාරයෙන් අලියා එසවීමට කටයුතු කරන බව ඇත් ගොව්වා වන චමින්ද අල්විස් මහතා පැවසීය.
කඩුවෙල සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment