ජනපති ඉදිරිපත් කළ ‘ගාසා හි ළමා අරමුදල’ පිහිටුවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

114

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදල’ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසින් උපදෙස් දී ඇත. එමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වය ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබා දීමට නියමිතය.

රාමසාන් මාසය තුළ ‘ගාසා හි ළමා අරමුදල’ සඳහා දායක වීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම් එම පරිත්‍යාග අප්‍රේල් 11 වැනිදාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත වට්ස්ඇප් හරහා යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටී.

උපාලි ද සේරම් සහ ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment