ලෝක බාලදක්‍ෂ දින සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන්

217

ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ශී‍්‍රමත් රොබට් බේඩන් පවල් සාමිතුමාගේ 165 වන ජන්ම දිනය නිමිත්තෙන් පවත්වන ලෝක බාලදක්‍ෂ දින සැමරුම සහ ජනාධිපති බාලදක්‍ෂ සහතිකපත් ප‍්‍රදානය කිරීම පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රදානත්වයෙන් පවත්වන ලදී.

ලෝක බාලදක්‍ෂ දින සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන්

මෙහිදී එක් දිස්ති‍්‍රක්කයකින් එක් අයකු බැගින් තෝරාගත් බාලදක්‍ෂවරුන් 19 දෙනකුට ජනාධිපතිවරයා අතින් සහතික පත් ප‍්‍රදානය කිරීම සිදුකරන ලද අතර මෙයට සමගාමීව තවත් 700 දෙනකුට ජනාධිපති පදක්කම් සහතිකපත් පිරිනැමීම අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් අතින් සිදුකරනු ලැබීය.

ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ ව්‍යවස්ථාවට අනුව රටේ ජනාධිපතිවරයා ප‍්‍රධාන බාලදක්ක්‍ෂයා ද වෙයි. ප‍්‍රධාන බාලදක්‍ෂ කොමසාරිස් නීතිඥ ජනපි‍්‍රත් ප‍්‍රනාන්දු මහතා විසින් ප‍්‍රධාන බාලදක්‍ෂ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බාලදක්‍ෂ කර ලේන්සුව පලඳවා උත්සවය සඳහා පිළිගනු ලැබූ අතර එතුමා විසින් බාලදක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් ස්වාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදුකරන ලදී.

පැළ ලක්‍ෂයක් සිටුවීමේ ජාතික බාලදක්‍ෂ කි‍්‍රයාන්විතය සාර්ථකව නිම කළ බව දැනුම්දීමේ වාර්තාව සහය ප‍්‍රධාන කොමසාරිස් ප‍්‍රභාත් කුලරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත ප‍්‍රදානය කරන ලදී.

ප‍්‍රථම ගෝලීය සංස්කෘතික ජම්බෝරියේ සමරු කලාපය ප‍්‍රධාන කොමසාරිස් නීතිඥ ජනපි‍්‍රත් ප‍්‍රනාන්දු, හිටපු ප‍්‍රධාන කොමසාරිස් මේජර් මිලින්ද පීරිස් සහ සහය ප‍්‍රධාන කොමසාරිස් ප‍්‍රභාත් කුලරත්න මහත්වරුන් විසින් ජනාධිපතිවරයාට පිළිගන්වන අයුරු සහ හලාවත දිසාව නියෝජනය කරමින්, ඩබ්ලියු. නවෝiා චමල්කි ලෝව් බාලදක්‍ෂ බාලිකාව ජනාධිපතිවරයා අතින් ජනාධිපති සම්මාන සහතික පත‍්‍රය ලබාගන්නා අයුරු සේයාරූවල දැක්වේ. ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරු ද සේයාරුවේ වෙති.

ස්වර්ණ ශ‍්‍රී මහවත්ත – හලාවත අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment