කෙහෙළියගේ කාර්යාලයෙන් සීඅයිඩී භාරයට ගත් බාල එන්නත් ගනුදෙනුවේ කැබිනට් සංදේශවල කාර්යය සටහන් අතුරුදන්!

335

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී පොලිස් භාරයට ගත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කාර්ය සටහන් අතුරුදන්වී තිබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ තිබී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අනෙකුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල සාමාන්‍ය අන්දමට කාර්ය සටහන් ඇතුළත්ව ඇතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් 2022 මැයි 30, සැප්තැම්බර් 27, ඔක්තෝබර් 25 සහ 2022 දෙසැම්බර් 05 දාතමින් යුත් කැබිනට් සංදේශවල කාර්ය සටහන් තිබී නැත.

මේ වනවිට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගන්නා ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛi සැපයුම් අංශයට සැපයීමේ සිද්ධිය මුල්කරගත් නඩුව කැඳවූ අවස්ථාවකදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළ කැබිනට් සංදේශ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කොට තිබිණි.

එකී නියෝග රැගෙන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයට ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනු භාරදීමට පියවර ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment