පවේ අරුමය…. දඩයමේ යද්දී සතෙකු යැයි සිතා පුතා පියාට වෙඩි තබයි

410

පියා මරුට – පුතා කූඩුවට

නෙළුන්දෙනිය, දැදිගම, මල්මැස්ස පදිංචි පියා සහ පුතා 28දා රාත්‍රියේ ජයලත් කන්ද ප්‍රදේශයේ දඩයමේ ගොස් ඇති අතර තම පුතා අතින් තුවක්කුව සතෙකුට යැයි සිතා පත්තු කිරීමේදී පියාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වී ඇති බව දැදිගම පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ නෙළුන්දෙනිය, දැදිගම, මල්මැස්ස පදිංචි ඩබ්ලිව්. ඩී. සම්පත් රුවන් කුමාර නමැති අවුඃ 41 වියැති දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඌරන් දඩයම් කිරීම සඳහා තමන් සතු තුවක්කුවද රැගෙන ඊයේ රාත්‍රියේ පියා සහ පුතා දඩයමේ ගිය අතර ඌරන් කොටු කිරීම සඳහා පුතා එක පැත්තකිනුත් පියා තවත් පැත්තකිනුත් ගොස් පියා ඌරෙක් කොටුකර ගෙන ඉදිරියට පැමිණ ඇත. එකෙනෙහි පුතා විසින් ඌරෙකුට වෙඩි තබා ඇත. පුතා විසින් පසුව එම ස්ථානයට ගොස් බැලීමේදී පියාට වෙඩි වැදී ඇති බව දැක ඇත.

අනතුරුව පුතා ඥාති නිවසට ගොස් සිද්ධිය පිළිබඳව පවසා ඇත. ඥාතියාද සමග දැදිගම පොලිසියට ගොස් සිද්ධිය පැවසීමෙන් අනතුරුව දැදිගම පොලිසිය විසින් පුතා අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් පුතා 17 හැවිරිදි වියේ පසු වෙයි.

සිද්ධිය සිදු වූ ස්ථානයට ඊයේ දහවල් කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරයා පැමිණ පරීක්ෂා කිරීමේදී සතෙකුයැයි සිතා පුතා විසින් වෙඩි තියා ඇති බව පරීක්ෂණ කටයුතුවලදී හෙළිවී තිබේ. සිද්ධිය පිළිබඳව දැදිගම පොලිසියේ ස්ථානාධිපති ගයාන් දංගල්ල මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ සිදුකරති.

වරකාපොළ – සරත් ආනන්ද ලියනගේ – අතිරේක වසන්ත කුමාර මාපා

advertistmentadvertistment
advertistmentadvertistment