යතුරුපැදි දෙකක හා ලොරි රථයක ගැටී සියඹලා ගස් දෙකක වැදුණු වෑන් රථයේ සිටි තරුණයෝ තිදෙනෙක් පස්සරයායේදී මරුට

421

බරපතළ තුවාල ලැබූ තිදෙනකු රෝහල් ගත කරයි

කතරගම සෙල්ලකතරගම පස්සරයාය හන්දියේදී අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයේ නවතා තිබූ යතුරු පැදි දෙකක හා ලොරි රථයක ගැටී අසල තිබූ සියඹලා ගස් දෙකක වැදී 29 දින රාත්‍රි සිදු වූ අනතුරින් තරුණයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව කතරගම පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ අංක සී/29, නවනගරය, කතරගම ලිපිනයේ පදිංචි ඩිෂාන් කාවින්ද රණසිංහ, රෝහල පිටුපස, කතරගම ලිපිනයේ පදිංචි චානක ලක්ෂාන් නැමති දෙදෙනා ඇතුළු තවත් පුද්ගලයෙකි. අනතුරින් තුවාල ලබා ඇත්තේ ගිහාන් මෝටර්ස් අසල, ගල්වල පාර කතරගම ලිපිනයේ පදිංචි සහන් රන්දික සමරජීව, සෙල්ලපාර, මයිලගම, කතරගම ලිපිනයේ පදිංචි චක්‍රින් චංග වන්සෙව්, අංක 6/1, කිරිවෙහෙර පාර, කතරගම ලිපිනයේ පදිංචි උඩහ කපුගෙදර රුසිරු ධනංජය හා අංක 03, වැඩසිටිකන්ද පාර, කතරගම ලිපිනයේ පදිංචි නම්බුකාර ගමගේ රවීන් විමුක්ති නැමති අයයි. අනතුරින් මියගිය තරුණයන් දෙදෙනා සහ තුවාල ලැබූ තරුණයන් සියළුම දෙනා 26 හැවිරිදි වියේ පසු වූවන් බවයි කතරගම පොලිසිය පැවසුවේ.

අනතුරට පත් වෑන් රථය සෙල්ලකතරගම දෙස සිට කතරගම දෙසට ධාවනය කරමින් තිබියදී රාත්‍රි 7.30ට පමණ මෙලෙස අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාව වන විට එහි රියදුරු ඇතුළු 26 හැවිරිදි වියේ පසු වූ තරුණයන් හය දෙනෙකු වෑන් රථයේ ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට තිබේ. බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර සිටින තරුණයන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර, දෙබරවැව – ඒ.ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment