ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමැතිගෙන් අදත් හෙළිදරව්වක්

470

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනය අත්හිටුවීමට තමා තීරණය ගත්තේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ වාර්තා තුනක් සැලකිල්ලට ගෙන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දැනුම් දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ක්‍රිකට් ආයතනයට තහනමක් පැනවීමට පියවර ගත් බවයැයි ද අමාත්‍යවරයා සදහන් කළේය. තමා ක්‍රිකට් ආයතනය අත්හිටුවීමට තීරණය කළේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන,කෝප් කමිටු වාර්තාව සහ විගණන වාර්තාව සැලකිල්ලට ගෙන බව ද කීවේය.එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අසත්‍ය තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලබාදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තහනමක් ලබාගෙන ඇතැයි ද සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment