ඩයනලාගේ පාර්ලිමේන්තු තහනම සම්මත වෙයි

548

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ සම්මත විය.එම නිර්දේශයට පක්ෂව ඡන්ද 57 ක් ලැබුණි. විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.විරුද්ධව ඡන්දය ලබා ලබාදුන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා ය.මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්දය දීමෙන් වැළකී සිටියේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය විදුර වික්‍රමනායක සහ චින්තක අමල් යන මහත්වරුන්ය.ඡන්දය විමසන අවස්ථාවේදී සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පිටව ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment