1848 මාතලේ නිදහස් සටන සැමරුම අද

326

වීර පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා ඇතුළු විරුවන්ගේ නායකත්වයෙන් දියත් කළ 1848 මාතලේ නිදහස් සටන සිදු වී වසර 174 ක් පිරීම සමරමින් විශේෂ සැමරුම් උත්සවයක් අද (24දා) මාතලේ දී පැවැත්වේ.

පෙ.ව. 9.00 ට 1848 නිදහස් සටනට නායකත්වය දී ජාතියේ නිදහස වෙනුවෙන් දිවිදුන් විරුවන් සමරමින් ඉදිකොට ඇති සැමරුම් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකරන අතර පෙ.ව. 10.00 ට දිසා ලේකම් කාර්යාලයීය ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වේ.

1848 මාතලේ නිදහස් සටනේ පසුබිම පිළිබඳ මෙහිදී විශේෂ දෙසුම් පවත්වනු ලබන්නේ ආචාර්ය පූජ්‍ය ඇතිපොල මංගල හිමිපාණන් වහන්සේ සහ විශ්‍රාමික මේජර් කේ. පී. කුලරත්න මහතා විසිනි. මාතලේ මහ දිසාපති දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන ඒකාබද්ධව මෙම සැමරුම් උත්සවය සංවිධානය කරයි.

දිස්ත්‍රික්කයේ විද්වතුන්, කලාකරුවන්, සාහිත්‍යකරුවන්, රාජ්‍ය නිලධාරීන් රැසක් උත්සවයට සහභාගිවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment