කෑම මිල අඩු කළ හෝටල් හිමියකු පෙන්වන්න! ජයවර්ධනගෙන් අසේල සම්පත්ට අභියෝගයක්

136

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ආහාර මිල අඩු කළ බව පුනපුනා පැවසුව ද කෑම මිල අඩු කළ ආපන ශාලා හිමියකු පෙන්වන ලෙස තමා ඔහුට අභියෝග කරන බව, බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. ගෑස් මිල අඩු කළ නිසා බේකරි නිෂ්පාදන මිල අඩු කරන ලෙස තමා බේකරි හිමියන්ගෙන් ඉල්ලීම් කළ ද පාඩු විඳගෙන බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව ඔවුන් පවසන බවද හෙතෙම කීවේය.

ගෑස් මිල අඩු කළ නමුත් පාන්පිටි මිල අඩුකර නැතැයි ද ඔහු කීවේය.

ඒ මහතා මෙසේ ද පැවසීය. අසේල සම්පත් මහතා බේකරි නිෂ්පාදනවල මිල අඩුකරන්න කියනවා. එසේ මිල අඩු කළ හෝටල් හිමියකු පෙන්වන ලෙස මම ඔහුගෙන් ඉල්ලනවා.

තමාට අද බොහෝදෙනකු දොස් නඟන බව ද ජයවර්ධන මහතා පැවසීය. බේකරි නිෂ්පාදනවල මිල අඩුකරන ලෙස තමා බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කළ ද පාඩු විඳගෙන බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව ඔවුන් පවසන බව ද ඔහු කීවේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment