අවුරුදු 22න් MBBS ගන්න අවස්ථාව දෙන්න – GMOA රජයෙන් ඉල්ලයි

448

වෛද්‍ය උපාධිය ( MBBS)  වයස අවුරුදු 22 වන විට සිසු සිසුවියන්ට ලබාගත හැකි වන පරිදි අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කරන මෙන් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වාර්තාවක් ලබා දී ඇත.

‘උපාධි වයස ප‍්‍රශස්ථ කිරීම සඳහා වූ සංකල්පීය වාර්තාව’ මැයෙන් එම වාර්තාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට වයස අවුරුදු 22 වන විට වෛද්‍ය උපාධිය ලබා ගැනීමට අවශ්‍ය වාතාවරණය සකසන මෙන් ඉන් ඉල්ලා තිබේ.

මෙම වර්තාව මගින් අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යයන කටයුතු වෙනස් විය යුතු ආකාරය ඉදිරිපත් කර ඇති අතර විභාග ප‍්‍රතිඵල මසක් තුළ ලබාදීමට ද යෝජනා කර ඇත.

වෛද්‍ය උපාධි ලබාගැනීම වයස අවුරුදු 27, 28 තෙක් දිග්ගැසීම තුළ ළමුන්ට පශ්චාත් උපාධි කිරීමේ අවස්ථා මෙන්ම අනෙකුත් අවස්ථා ගණනාවක් මගහැරෙන බවත් ඒ තුළින් සිදුවන පාඩුව අධ්‍යයන වර්ෂ දෙලක්ෂයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment