විවාහයෙන් පසු නෑයන් බැලීමට ගිය යුවළගේ යතුරුපැදිය බව්සරයක ගැටී සැමියා මරුට – බිරිඳට බරපතළයි

202

විවාහ වී සති දෙකකින් නෑයන් බැලීමට යමින් සිටි යුවළක් 19 දා යාපනය චෙම්මනි ප්‍රදේශයේදී යතුරු පැදි අනතුරකට ලක්වීමෙන් ස්වාමි පුරුෂයා එතනම මියගොස් බිරිඳ දැඩි ලෙස තුවාල ලබා තිබේ.

අඹු සැමි යුවළ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එය චෙම්මනි වංගුව අසලදී පොලිසියට අයත් වතුර බව්සරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනය කොක්කුවිල් නැඟෙනහිර පදිංචි බුවනේෂ්වරන් මනෝජ් (31) නමැති අයෙකු වන අතර ඔහුගේ බිරිඳ බරපතළ ලෙස තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment