කොවිඩ් ‘ඔම්රිකන්’ එනවා මාස්ක් අනිවාර්ය කරන්න – සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය

173

ඩෙල්ටාට වඩා පස් ගුණයක් බලවත්

කොවිඩ් – 19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් වන ‘ඔම්රිකන්’ දැඩි ව්‍යාප්තියක් මෙරට පෙන්නුම් කිරීම නිසා ගෘහස්ථ එක්රැස්වීම් සඳහා මුව ආවරණ පැළදීම අනිවාර්ය කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

කොවිඩ් වර්ධනයක් පෙන්නුම් කළද වෛරස හඳුනා ගැනීමේ පී.සී.ආර් පරීක්‍ෂණ මේ වනවිට විධිමත් අයුරින් සිදුනොකිරීම සහ සීමාකිරීම මෙන්ම අත්‍යවශ්‍ය ප්‍රතික්‍රීයක හිඟයද නිසා ඉදිරියේදී අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බව එම සංගමය කියා සිටී.

නව කොවිඩ් ‘ඔම්රිකන්’ වෛරස් ප්‍රභේදයේ රෝග ලක්‍ෂණ වන්නේ කැස්ස, උණ, සන්ධි වේදනාව, හිසරදය, බෙල්ලේ වේදනාව, සිරුර ඉහළ වේදනාව සහ නියුමෝනියාව ආදිය බව පැවසේ.

‘ඔම්රිකන්’ ප්‍රභේදය ‘ඩෙල්ටා’ ප්‍රභේදයට වඩා පස් ගුණයකින් වැඩි බවත් මින් සිදුවන මරණද ඉහළ අනුපාතයක් වාර්තා කර තිබීම නිසා ජනාකීර්ණ ස්ථානවල රැඳී සිටීම සේම විවෘත ස්ථානවල පවා මීටර් 1.5ක දුරක් තබා ගනිමින් ද්විත්ව ස්ථර ආවරණයක් පැළදීම සහ සුදුසු මුව ආවරණ පැළදීම වඩාත් ආරක්‍ෂාකාරී බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

සුජීව තත්සර

 

advertistmentadvertistment
advertistmentadvertistment