පාසල් සිසුන්ගේ නිර්මාණාත්මක කුසලතා නංවන්න Ai තාක්ෂණය ලබාදීමේ වැඩපිළිවෙළක්

52

පාසල් සිසුන්, ගුරුවරුන් හා අධ්‍යාපනඥයන් සඳහා පරිගණක තාක්‍ෂණය මෙන්ම සයිබර් ආරක්ෂාව මෙන්ම නවීන තාක්ෂණය ලබාදීමට Zone 24 X 7 ආයතනය හා STEMUP අධ්‍යාපන ආයතනය එක්ව පුහුණු වැඩසටහනක් දියත් කර ඇත.
Ai තාක්ෂණය යොදා ගනිමින් ගම් මට්ටමින් පාසල් සිසුන් සඳහා අනාගතයේ බිහිවීමට නියමිත රැකියා සඳහා යොමු කිරීම පුහුණු වැඩසටහනේ අරමුණ බවද Zone 24 X 7 ආයතනයේ සාමාන්‍යාධිකාරී විලුපල ලියනආරච්චි මහතා සඳහන් කරයි.

ඒ.අයි. තාක්ෂණය හරහා සිසුන්ට සිය හැකියාවන් හා තමා ලබා තිබෙන දැනුම පිළිබඳව අවබෝධයක් ලබා

ගැනීමටත් තාක්ෂණික ශිල්ප ක්‍රම හා මෙවලම් ඉවහල් කරගනිමින් සිය නිර්මාණ කුසලතා ඉහළ නැංවීමට හා නවෝත්පාදක හැකියාව දියුණු කිරීමට හැකිවන බවද ඒ මහතා සඳහන් කරයි.

අප ආයතනය මගින් දැනුම ගමට ගෙනියන්න 1500ක පමණ පිරිසක් සිටින අතර ඔවුන් හරහා පාසල් සිසුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමටත් විද්‍යා තාක්ෂණික ඉංජිනේරු සහ ගණිත උපාධි සඳහා සිසුන් නැඹුරු කිරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා Zone 24 X 7 ආයතනය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන බවද STEMUP ආධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ ප්‍රභාත් මාන්නප්පෙරුම මහතා පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment