වෙල්වැටිතුරේ සරුංගල් සැණකෙළියේදී තරුණයෙක් කඹයත් සමග උඩ ගිහින්

101

යාපනේ තරුණයකු විශාල සරුංගලයක කඹය දිගේ අඩි 30 ක් පමණ උසට ගොස් එයින් බැස ගැනීමට නොහැකිව දැඩි පරිශ්‍රමයක් දරා ඔහු බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට සිදුවූ බව යාපනය තොන්ඩමනාරුවලින් වාර්තා වෙයි.

වෙල්වැටිතුරේ සරුංගල් සැණකෙළියට සූදානම් කර තිබු විශාල ප්‍රමාණයේ සරුංගලයක් යැවීමට යොදාගන්නා කඹය දිගේ ඔහු නැග ඇති අතර පසුව ඔහුට ඉන් බැස ගැනීමට නොහැකිව තිබේ. කෙසේ හෝ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා අදාළ තරුණයා නිරුපද්‍රිතව එම සරුංගල් ලණුවෙන් බස්සවා තිබේ.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment