කරාතේ පදක්කම් 89 ක් එක ඡායාරූපයක

106

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් මෙහෙයවන ලද ගම්පහ දිස්ත්‍රික් කරාතේ ශූරතා තරගාවලියට ඉදිරිපත් වූ ෂිතෝරියු ෂුකෝකායි කරාතේ සංගමයේ (SHITORYU SHUKOKAI) ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 89 ක් දිනා ගැනීමට සමත් වූහ. ඊට රන් පදක්කම් 35 ක්, රීදී පදක්කම් 29 ක් හා ලෝකඩ පදක්කම් 25 ක් ඇතුළත් විණි.

ඉකුත්දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති මෙම තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කයේ කරාතේ සංගම් 60 කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට අධික පිරිසක් සහභාගි විණි.

එම කරාතේ සංගමයේ ප්‍රධාන කරාතේ උපදේශක ෂිහාන් ලක්ෂ්මන් සපරමාදු, ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සෙන්සේ නිශාන්ත ද සිල්වා හා සහාය පුහුණුකරු සෙන්පායි අරෝෂ් මධුශංක යන මහත්වරු පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග මෙසේ ඡායාරූපයකට මුහුණ දුන්හ.

ජායාරූපයේ පළමු පෙළ (වමේ සිට) – අභීත් දුලේන්, ශෙනුති අමායා, මෙත්මි හෂේනි, තෙනුල් බෝමෙත්, ඔමල්යා දෙව්දුනී, සතීෂ සුහන්සන, තුරුණි ආකර්ෂා, තෂ්යා නයෙර්කා, ප්‍රමුදි අයන්සා, මේඝනා භාෂීණි

දෙවන පෙළ (වමේ සිට) – ඉමාද් මොහොමඩ්, යෙනුක බිනාල්, අන්ෂිෆා අහමත්, ශෂීන් ඉමායා, නෙතුල දහමිස, සෙහස් දින්සිත, එච්. කේ.තේනුෂ්, මින්දිව් මෙත්සිතු, ගෙමිත් මානගේ.

තෙවන පෙළ (වමේ සිට) – තරුෂිනි සමින්දිකා, තරුෂිකා සඳරුවනි, චිරාන් ජලින, නාමල් සතිර, මිහිසර භාෂික, සිද්ධත් අනුත්‍රික, දනුජ දිනුලක, උදහැන් මන්දාර, සස්රුත නෙනුත්

සිව්වන පෙළ (වමේ සිට) – නෙතුම් විදුෂ, රියැන් ජොඇනා, තිනෙත් රශ්මින, සහාය පුහුණුකරු සෙන්පායි අරෝෂ මධුශංක, ප්‍රධාන උපදේශක ෂිහාන් ලක්ෂ්මන් සපරමාදු, ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සෙන්සේ නිශාන්ත ද සිල්වා , බිනුග මධුසිත්, ශාරා ඔනෙලි, චතුර්ණි චමත්කා.

පස්වන පෙළ (වමේ සිට) – සෞමි රුමාෂා, නිහාල් අනුහස්, අදීෂ සුනේෂ්, සිත්මි උමන්දා, අනීෂා මොහොමඩ්, සයුනි මිහිරංගි, රනුග සස්රුත.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment