දඹුල්ලයි නුවරයි කොළඹට අසිරි කැන්දයි!

199

2023 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය ඊයේ (20 වැනිදා) රාත්‍රී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දඹුල්ල අවුරා කණ්ඩායම සහ කැන්ඩි බී ලව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබිණි.

දඹුල්ල අවුරා කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කර ඒ සඳහා සුදුසුකම් ලැබූ අතර දෙවන අවසන් පූර්ව තරගයේ දී ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම ලකුණු 34 කින් පරජය කරමින් නුවර කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

පෙරේදා රාත්‍රියේ නුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරගයේ ජයග්‍රහණය සඳහා පන්දුවෙන් සහ පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ නුවර කණ්ඩායමේ නායක වනිදු හසරංග මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම කඩුලු ලාභියා වේ. තරගාවලියේ වීරයා සඳහා ඉතා ආසන්නව සිටින වනිදු මේ වන විට ලකුණු 279ක් සහ කඩුළු 19 ක් රැස්කරගෙන සිටියේය.

දඹුල්ල අවුරා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරයි. සමාප්ති උළෙල සඳහා නර්තන සහ සංගීත අංග ගණනාවක් සංවිධානය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment