“දරුවනේ” හෙට ශිෂ්‍යත්වය හොඳට ලියන්න – දිවයින ප්‍රාර්ථනාව

231

පැය 1/2කට කලින්වත් විභාග මධ්‍යස්ථානයට එන්න – විභාග කොමසාරිස් ජනරාල්

පහේ ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2866කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව හෙට දිනයේ විභාගය සඳහා පෙනී සිටීමට පැමිණෙන සියලු දරු දැරියන් විභාගය පැවැත්වීමට පැය භාගයකට පෙරාතුව පැමිණ සිටිය යුතු බව ද ඒ මහතා කීය.

හෙට දිනයේ යම් විභාග මධ්‍යස්ථානයක් ආපදා තත්ත්වයක් මත ගැටලුවකට මුහුණ පා තිබුණහොත් එහි විභාගය ලිවීමට සූදානමින් සිටින දරුවන් ඒ ආසන්නයේ ඇති විභාග මධ්‍යස්ථාන වෙත යොමුකර විභාගයට මුහුණ දීමට පහසුකම් සපයන බව ද හෙතෙම කීය.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment