තුර්කි ගමේ මිනීමැරුමට ‘බමුණුගොඩ මහත්තයා’ ඇල්ලූ පසු අලි ජංජාලයක් – පොලිසිය ඉදිරිපිට පිරිස පොල් ගසති

503

මිදිගම තුර්කි ගම්මානයේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයෑම සම්බන්ධයෙන් සැකපිට පාන්ඩිපෙරුම ආරච්චිගේ සුදේෂ් මධුසංඛ හෙවත් ‘බමුණුගොඩ මහත්තයා’ නමැති පුද්ගලයා මිදිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ පවුලේ ඥතීහු සහ

බමුණුගොඩ ප‍්‍රදේශයේ විශාල පිරිසක් ඊයේ (23 වැනිදා) උදෑසන 10.00 ට පමණ මිදිගම පොලිසිය ඉදිරිපිටට පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වදිමින් නොසන්සුන් ලෙස හැසිරෙන්න වූහ.

පසුගිය 20 වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජයසේකර විතානගේ නිව්සන් කුමාර නමැත්තා මිය ගියේය.

එහිදී අත්අඩංගුවට ගත් අයගේ බිරිඳ ද සිටි අතර ඔවුන් පවසා සිටියේ සුදේෂ් මධුසංඛ ගෙදර නිදාගෙන සිටි වෙලාවේ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් පැමිණ ඔහු රැුගෙන ගිය බවත් ඉන්පසුව පොලිසිය මගින් ඔහුට විරුද්ධව ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටියා යැයි බොරුවට පවසා බන්ධනාගාරගත කර ඇති බවත්ය. පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් පැය දෙකකට ආසන්න කාලයක් ඔවුන් එහි රැුඳී සිටි අතර පොලිස් ස්ථානය ඉදිරිපස පාරේ සිට පොල් ගසා කීවේ තමන්ට අසාධාරණයක් වූ බවත් ඊට අසාධාරණය බලාපොරොත්තු වන බවත් ය.

පසුව මිදිගම පොලිස් ස්ථානය වෙත වැලිගම, මාතර, කනංකෙ යන පොලිස් ස්ථාන වෙතින් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ද පැමිණියහ. එහෙත් එම ස්ථානයේ රැුඳී සිටි පිරිසගේ නොසන්සුන්කාරී හැසිරීම්වල අඩුවක් දක්නට නොලැබිණි.

පසුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම ස්ථානයට පැමිණ කියා සිටියේ අත්අඩංගුවට ගත් තැනැත්තා වරදක් කර තිබෙන බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු වෙමින් පවතින බවත්ය. එහෙත් සුදේෂ් මධුසංඛ හෙවත් ‘බමුණුගොඩ මහත්තයාගේ’ පිරිස පවසා සිටියේ එය පිළිගැනීමට නොහැකි බවයි. පිරිස යම් තරමකින් සන්සුන් වීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් එම පිරිසේ කීපදෙනකු වැලිගම පොලිසියට අයත් ජීප් රථයක නංවාගෙන පොලිස් ස්ථානය වෙත ගෙන ගියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් කරගන්නා බව පවසමිනි.

මාතර අතිරේක – ලලිත් පද්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment