සතියක් තුළ කොවිඩ් ආසාදිතයෝ 1197ක් මරණ 42 ක්

78

ගත වූ සතියක කාලය තුළ මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ගත වූ සතිය තුළ කොවිඩ් ආසාදිතයන් 1197 දෙනකු හඳුනාගෙන ඇති අතර පෙරේදා (15දා) පමණක් කොවිඩ් ආසාදිතයන් 129 දෙනකු හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීවේය.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 668,012 කි.

එසේම ගත වූ සතියක කාලය තුළ කොවිඩ් ආසාදනය වීමෙන් සිදු වූ මරණ ගණන 42 කි.

අවුරුදු 20 ට වැඩි ජනගහනයෙන් මේ දක්වා පළමු කොවිඩ් මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 8 ක් බව ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment