කසළ පොහොර පාඩුවේ විගණකාධිපති වාර්තාව තවමත් කොළය යට

81

මෙරටට ගෙන එනු ලැබූ කසළ පොහොර හේතුවෙන් වූ පාඩුව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සකසා අවසන් කළ ද එය තවමත් ප්‍රසිද්ධියට හෝ පාර්ලිමේන්තුවට පත් නොකිරීම බරපතළ සැකයට තුඩු දෙන බව විපක්ෂය කියා සිටී.

එම කසළ පොහොර ගෙන්වීමෙන් රටට වූ පාඩුව රුපියල් බිලියන 2.5 ක් පමණ වන අතර එහි වගකිවයුත්තන් ලෙස ඇමැතිවරුන් කිහිපදෙනකු නම් වී ඇති බවට අනාවරණය වී ඇති බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට කීය.

එබැවින් එම වාර්තාව යට ගැසීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව නිරත වන බවට එම මන්ත්‍රීවරයා චෝදනා කළේය.

අදාළ වාර්තාව සකසා මාස 06කට වැඩි වුවද කෝප් කමිටුවට හෝ පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් නොකිරීම බරපතළ සැකයට තුඩු දෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment